Breaking News

Ant-Man (2015) with Sinhala Subtitles | කුහුඹු-මිනිසා [සිංහල උපසිරසි සමඟ]







වීස්ටා සමාගමේ මංකොල්ලය සම්බන්ධයෙන් අවුරුදු තුනක් සිරගතව සිට Scott Lang. නැවත පැමිණෙන්නේ, තමන්ගේ දුව වෙනුවෙන් යමක් ඉතිරි කරන්නට පුළුවන් යහපත් රස්සාවක් කිරීමේ අදිටනින්. නමුත් අවුරුදු තුනක් සිරබත් කෑ අයෙක් නිසා, රස්සාවක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඉඳලා ඉඳලා බැරිම තැන මංකොල්ලාකාර හිත හොඳ යාළුවෝ සෙට් එකත් එක්ක ලැබුණු ඔත්තුවක් අනුව යනවා, ගෙදරක සේප්පුවක් මංකොල්ල කන්න. ඒ Dr. Hank Pym ගේ ගෙදර. සේප්පුව ඇතුලේ වටිනා කියන යමක් තියෙන්නේ නැහැ. තියෙන්නේ පරණ ලදරම් ගැජමැටික් ඇඳුමක්. කෝකටත් කියලා හරිම දුකෙන් ස්කොට් මේකත් අරගෙන ගෙදර එනවා. නිකමට වගේ ඇඳලා බලලා, ඒකේ තියෙන ගැජට් අත පත ගානකොට මේ මනුස්සයා කූඹියෙක් ගානට පුංචි වෙනවා. ඒ එක්කම එයාට ඇහෙනවා. කවුද කෙනෙක් කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි Dr. Hank Pym. ඩොක්ටර් තමයි සැලැස්මක් ගහලා තමන්ව මංකොල්ල කන තැනට ස්කොට්ව ගෙන්න ගන්නේ. ඉතින් ඇයි එහෙම දෙයක් කරන්නේ? ඔන්න ඔතන ඉඳන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ.



No comments:

Post a Comment